මෙරට අතීතයේ පැවති අසාර්ථක පාලන ක්‍රියාවලිය හේතුවෙන් රට බංකොලොත් වූ බවත්, වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා 2029 වසරේදී යළි ජනාධිපති ධුරයට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බවත් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි.
එමෙන්ම, මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මේ වන විට ලැබෙමින් පවතින බවත්, සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළ පරිදි මාලිමාවේ හිතවතුන් රටට ඩොලර් එවීම මෙම වර්ධනයට සෘජුවම හේතු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














