ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමඟ එක්ව බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව මත පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට බහරේන අධිකරණය පියවර ගෙන තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් පසු, පසුගිය මාර්තු මාසයේදී මොවුන් බහරේන පොලිස් අත්අඩංගුවට පත්විය.බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ රටේ ආර්ථික මර්මස්ථාන පිළිබඳ අධි සංවේදී තොරතුරු සහ ඡායාරූප ඉරානය වෙත සැපයූ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇත.ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කිරීම මෙම දඬුවම් නියම කිරීමට මූලික හේතුව වී තිබේ.














