“දිට්වා” සුළි කුණාටු ආපදාව හේතුවෙන් හානියට පත් ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් යළි ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නයින්දනාව පුරාණ රජමහා විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු අද (26) නිල වශයෙන් ආරම්භ කෙරුණි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනා පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ (CCF) පූර්ණ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්විය. මීට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, වයඹ පර්යේෂණ නිලධාරී මහාචාර්ය සමිත මානවඩු, වයඹ පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය මංගල කටුගම්පල, සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය සුමේධා මාතොට, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියදර්ශන උඩුකුඹුර යන මහත්ම මහත්මීන් ද, පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ඒකනායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
















