ප්රංශයට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බටහිර යුරෝපය සහ පෘතුගාලය ආශ්රිතව පවතින මෙම තාප තරංග තත්ත්වය නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.මියගිය පිරිස අතර උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා පිහිනුම් තටාක වෙත ගිය පුද්ගලයින් කිහිප දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ අතර එංගලන්තයෙන් ද මේ වසරේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඊයේ (25) දිනයේ සටහන් වී තිබේ.
















