තද සුළං සහ මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම අවවාදාත්මක නිවේදනය හෙට (27) පස්වරු 4.30 දක්වා බලාත්මක වේ.කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත.කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් මෙම කාලසීමාව තුළ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.















