ආර්මේනියානු පාර්ලිමේන්තු මැතිවරණයට සති දෙකකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ආර්මේනියානු විදේශ අමාත්‍ය අරරත් මිර්සෝයන් විසින් අගනුවර වන යෙරෙවන්හිදී උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම සංචාරයේදී දෙපාර්ශවය විසින් උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමකට අමතරව තීරණාත්මක ඛනිජ සම්පත් පිළිබඳ රාමු ගිවිසුමක් සහ දකුණු ආර්මේනියාව හරහා ඉදි කිරීමට යෝජිත කිලෝමීටර් 43ක සංක්‍රමණ කොරිඩෝවක් සම්බන්ධ සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් කර ඇත. මෙම නව සංක්‍රමණ කොරිඩෝව මගින් අසර්බයිජානයට එහි නක්චෙවාන් ප්‍රදේශයට සහ එතැනින් තම සමීපතම මිතුරා වන තුර්කියට කෙලින්ම සම්බන්ධ වීමට මාර්ගයක් සැපයෙනු ඇත.













