මැදපෙරදිග කලාපය තුළ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොළට තෙල් සපයන ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නැව්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකානු නාවික හමුදාව සිය විශේෂ ආරක්ෂක මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ.
“වෝල් ස්ට්‍රීට් ජර්නල්” (Wall Street Journal) පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) ලෙස නම් කර ඇති මෙම දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙල යටතේ අනතුරට ලක්විය හැකි නැව් ආරක්ෂිතව එතෙර කිරීමේ කටයුතු මේ වන විට සක්‍රීය කර ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමෙන් පසු, අමෙරිකානු යුද නැව්වල පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය සාර්ථකව තරණය කළ පළමු වාණිජ නෞකාව බවට පත්ව ඇත්තේ ග්‍රීසියට අයත් සුපිරි බොරතෙල් ප්‍රවාහන නෞකාවකි (VLCC). මෙම පියවර හරහා කලාපීය නාවික ගමනාගමනයේ සුරක්ෂිතතාව පිළිබඳ ආයෝජකයන් තුළ යම් විශ්වාසයක් ගොඩනැඟීමට අමෙරිකාව උත්සාහ කරමින් සිටී.
















