ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් 90%ක්ම ආනයනය කිරීම සඳහා වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණය රට තුළ ඉතිරි කරගනිමින් දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බ්‍රසීලයේ තාක්ෂණික සහාය ඇතිව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
දේශීය උක් වගා ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා මඟහරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ “ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය” ලෙස නම් කර ඇත. මේ යටතේ ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, උක් පර්යේෂණ ආයතනය සහ ජාතික විද්‍යා පදනම, බ්‍රසීලයේ බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය. උක් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකු වන බ්‍රසීලය සතු විශේෂඥතාව මෙරටට ලබාගනිමින් උක් අස්වැන්න වැඩි කිරීම, පාර්ශ්වකරුවන්ට තාක්ෂණික පුහුණුව ලබාදීම සහ සීනි අතුරු නිෂ්පාදන කාර්යක්ෂමව භාවිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
දෙරට අතර 2008 වසරේදී ඇති කරගත් තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් රාමුවට අනුකූලව මෙම ව්‍යාපෘතිය මාස 36ක (වසර 3ක) කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම සුවිශේෂී යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ (Cabinet) පූර්ණ අනුමැතිය හිමිව තිබේ.
















