• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු ආසියාවේ පළමු සූර්ය-ජෛව වායු දෙමුහුන් බේකරි පෝරණුව ශ්‍රී ලංකාවෙන් ලොවට හඳුන්වා දෙයි

27 May 2026
in පුවත්, විදෙස්
දකුණු ආසියාවේ  පළමු සූර්ය-ජෛව වායු දෙමුහුන්   බේකරි පෝරණුව  ශ්‍රී ලංකාවෙන් ලොවට හඳුන්වා දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පිරිසිදු බලශක්ති නවෝත්පාදනය සහ තිරසාර ජීවනෝපාය සංවර්ධනය අතින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සූර්ය බලශක්තිය සහ ජෛව වායු (Biogas) යන ද්විත්ව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ පළමු “සූර්ය දෙමුහුන් බේකරි පෝරණුව” (Solar Hybrid Bakery Oven) නිල වශයෙන් ශ්‍රී ලංකාවේදී එළිදක්වා තිබේ.
Incitare International ආයතනය සහ Global Rethinking Finance Collaborative (GRFC) සංවිධානය, කිලිනොච්චිය ජර්මන් ටෙක් (German Tech Kilinochchi) ආයතනය සමඟ ඒකාබද්ධව පසුගිය මැයි 22 වනදා කොළඹ සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside) හෝටලයේදී පැවැත්වූ විශේෂ උත්සවයකදී මෙම නව තාක්ෂණය නිල වශයෙන් ප්‍රදර්ශනය කෙරිණි. යුරෝපීය පිරිසිදු බලශක්ති පිළිස්සුම් තාක්ෂණය (European Clean-energy Baking Technology) මෙරටට හඳුන්වා දෙමින් නිර්මාණය කර ඇති මෙම පද්ධතිය හරහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට හරිත බලශක්ති විකල්ප ආදේශ කෙරෙන අතර, එමඟින් එක්සත් ජාතීන්ගේ (UN) තිරසාර සංවර්ධන අරමුණු රැසක් ද සපුරාලනු ලබයි.
මෙහිදී අදහස් දක්වමින් Incitare International සහ GRFC හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී බෙරිස් ග්වින් (Beris Gwynne) මහත්මිය සඳහන් කළේ, මෙම දෙමුහුන් පෝරණුව දේශීය ප්‍රජාවන්ට, බේකරි කර්මාන්තයට, පරිසර සංචාරක ව්‍යාපාරයට (Eco-tourism) මෙන්ම වෘත්තීය පුහුණු ආයතන සඳහා ද දැවැන්ත විභවතාවක් ඇති නිෂ්පාදනයක් බවයි. මෙමඟින් කාබන් විමෝචනය අවම වන අතරම, ඉන්ධන සඳහා පවතින ආනයන පරාධීනත්වය අඩු කර අනාගතයේදී නව අපනයන පදනම් කරගත් කර්මාන්තයක් බිහි කිරීමට ද මඟ පෑදෙන බව ඇය පැවසුවාය.
Incitare International හි ශ්‍රී ලංකා දේශීය අධ්‍යක්ෂිකා චෙරිල් ආර්න්ඩ් (Cheryl Arndt) මහත්මිය කියා සිටියේ, 2025 මාර්තු මාසයේදී රාජ්‍ය ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ ඇරඹූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් වූ බවයි. ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණයක් වැළඳගැනීමක් පමණක් නොව, පිරිසිදු බලශක්තිය සහ තිරසාර ජීවනෝපාය වර්තමානය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බව ලොවටම ඔප්පු කර පෙන්වා ඇති බව ද ඇය අවධාරණය කළාය.
Post Views: 1
Previous Post

ජනතාව රැකගන්න IMF සමඟ අලුත් ගිවිසුමකට යන්න

Next Post

දේශීය වී නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
දේශීය වී නිෂ්පාදනය  වාර්තාගත ලෙස ඉහළට

දේශීය වී නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved