යුක්‍රේනයේ පවතින යුද ගැටුම් පසුගිය දිනවලදී ඉතා තියුණු ලෙස උත්සන්න වීම සම්බන්ධයෙන් ලියෝ පාප් වහන්සේ සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. වතිකානුවේදී පැවති සතිපතා දේශනයකට එක්වෙමින් එතුමාණන් ප්‍රකාශ කළේ, මෑතකදී එල්ල වූ ප්‍රහාරවලින් විපතට පත් වූ සිවිල් වැසියන් කෙරෙහි තමාගේ දැඩි සහයෝගය පළ කරන බවයි.යුද්ධය කිසිදු ගැටලුවක් විසඳන්නේ නැති අතර, එය ගැටලු තවත් උග්‍ර කරනු ලබයි. එමෙන්ම යුද්ධය මගින් ආරක්ෂාව ගොඩනැගෙන්නේ නැති අතර, එය දුක් වේදනා සහ වෛරය ගුණ කරනු ලබයි.
මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වන සෑම තැනකම බලාපොරොත්තු බිඳ වැටෙන බවත්, නිවාස සහ දේවස්ථාන විනාශ වන බවත්, අහිංසක ජීවිත අහිමි වන බවත් එතුමාණන් අවධාරණය කළහ.
යුක්‍රේන යුද්ධය පිළිබඳව සිය බලවත් සැලකිල්ල පළ කළ ලියෝ පාප් වහන්සේ, යුද්ධයෙන් පීඩාවට පත් වූ සියලු ජනයා සාමයේ රැජින වන මරිය තුමියගේ ආරක්ෂාවට භාර දෙන බව ද සඳහන් කළහ.
















