බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නෛතික රාමුව කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවති රාජ්‍ය වෙසක් උත්සවය අමතමිනි.
“දක්ෂිණා ප්‍රභා” ලෙස නම් කර ඇති මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඊට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. බුදු දහමේ උත්තරීතර හරය මෙන්ම ශාසනික විනය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
















