අපගේ හෙලිදරව් කීරීමට අදාලව නිකුත්කර තිබෙන මාධ්‍ය නිවේදනය මගින් උපකුලපති ටෙරන්ස් මධුජිත් සිය අවධානය යොමු කර තිබෙන දෙවැනි කාරණය වන්නේ හිටපු උපකුලපති මහදුරාවේ ළමාවංශ විසින් ප්‍රධාන පුස්තකාලයේ විශේෂ විමර්ශන අංශයේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුක්ත දුර්ලභ පොත් 4 ක් සිය නිල බලය භාවිතා කරමින් බැහැර ගෙන ගොස් ආපසු භාර නොදී සිටීම සම්බන්යෙන් අප විසින් සිදුකරන ලද හෙලිදරව්වය.
මහාචාර්ය මධුජිත් එම සිදුවීමට අදාලව කාරණා දෙකක් උලුප්පා පෙන්වීමට උත්සාහ කරයි.
ඉන් පලමු කාරණය වන්නේ ලමාවංශ තමන් විසින් ලබාගත් සියලු පොත් මේ වන විට භාරදී තිබෙන බවයි. දෙවැනි කාරණය වන්නේ ඔහුගේ විශ්‍රාමික ප්‍රතිලාභ නිදහස් කර තිබීමය.
උපකුලපතිවරයා මේ සිදුකර තිබෙන්නේ කොලේ වසා ගැහිල්ලකි.
කිසිවෙකුට බැහැර ගෙන යා නොහැකි සහ අප නම් වශයෙන් සදහන්කර ඇති පොත් 4 භාරදී තිබෙන්නේ නම් ඊට ප්‍රථම ඒවා ළමාවංශ විසින් බැහැර ගෙන ගොස් තිබිය යුතුය. එය බලය අවභාවිතයක් බවට සැකයක් නැත.
එසේ නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරයා ලෙස උපකුලපති සිදුකලයුත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමය.
එහිදී ළමාවංශගේ බලයට යටවී මෙම පොත් බැහැර ගෙන යාමට ඉඩ ලබා දුන් පුද්ගලයා කවුරුන්දැයි සොයාගෙන ඔහුට එරෙහිවද විනය පියවර ගත යුතුය.
එවැනි විමර්ශනයක් හෝ සොයා බැලීමක් මෙතෙක් සිදුව නැති අතර ඉදිරියටද සිදුවෙතැයි අප විශ්වාස කරන්නේ නැත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට වැරදිකරුවන්ට සුදුහුණු ගෑම පිණිස මාධ්‍ය නිවේදන නිකුත් කිරීම වැනි බරපතල රාජකාරීන් ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධාණය යොමු කිරීමට වේලාවක් නොමැති වීමටද ඉඩ තිබේ.
නීතියට ඉහලින් කිසිවෙකු නොසිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනි. එහෙත් අපට නම් පෙනී යන්නේ පේරාදෙණියේ නීතියට ඉහලින් හිටුප උපකුලපති ළමාවංශ සිටින බවය.
එසේ නොවේ නම් කිසිවකුට ගෙන යා නොහැකි පොත් බැහැර ගෙන යාමටත්, ඒවා නැවත භාරදී දඩුවමකින් තොරව සිටීමටත්, ළමාවංශට හැකියාවක් නොලැබෙන අතර එසේ විශේෂ විමර්ශන අංශයේ පොත් බැහැර ගෙන යාමට ඉඩ ලබාදුන් පුද්ගලයාටද නීතියෙන් බේරී යාමට ඉඩ ලැබෙන්නේ නැත.
තොරතුරු හෙලිදරව් කිරීම අපගේ වගකීමක් වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන්ට දඩුවම් පැනවීම ජනාධිපති ඇතුළු ඉහල බලධාරීන්ගේ වගකීමය.
















