මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගතව සැඟව සිටින, රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
එමෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටි අපරාධකරුවන් 8 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















