‘Cyclone Ditwah’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට සහාය වීම සඳහා ස්ථාපිත කර ඇති රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත MAC Holdings (Pvt) Ltd. ආයතනය විසින් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගය සනිටුහන් කරමින් අදාළ චෙක්පත, MAC Holdings (Pvt) Ltd. හි කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩ්‍රේ ෆියන්ඩෝ (Andre Feando) මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම ජාතික ආධාර වැඩසටහන සඳහා එම ආයතනය විසින් සිය වාර්ෂික නත්තල් උත්සවය වෙනුවෙන් වෙන් කර තිබූ අරමුදල් නැවත යොමු කිරීම කැපී පෙනේ. මෙම අවස්ථාව සඳහා MAC Holdings සමූහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී තිලක් ගුණවර්ධන මහතා සහ කළමනාකරණ පුහුණුකරු ඇනික් ෆියන්ඩෝ (Anick Feando) මහතාද එක්ව සිටියහ.
















