පිසින ලද ආහාර ලබාදෙන දන්සැල් සංවිධානය කිරීමේදී පිරිසිදුකම සහ ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තිලංග රුවන්පතිරණ මහතා ඉල්ලා සිටී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, වර්තමානයේ රට තුළ පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන සිසිල් බීම දන්සැල් වෙනුවට තේ, කෝපි, රණවරා හෝ කොත්තමල්ලි වැනි උණුසුම් පාන වර්ග බෙදාදෙන දන්සැල් සංවිධානය කිරීම වඩාත් සුදුසු බවයි.
දන්සැල් පවත්වන කාලය තුළ පමණක් නොව, දන්සැල අවසන් වූ පසුද එම කටයුතු පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය අඛණ්ඩව සිදු කෙරෙන බවද ඒ මහතා සිහිපත් කළේය.
















