• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ රෝහල්වලට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව දෙන්න

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ ව්‍යාපෘතියක්

28 May 2026
in දේශීය, පුවත්
ලංකාවේ රෝහල්වලට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව දෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සත්කාරකත්වය ලබාදෙනු ලබන “සනීපාරක්ෂාව සහ සැමට ජලය” (SWA) ගෝලීය හවුල්කාරිත්වයේ නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් සමඟ පැවැති මෙම සාකච්ඡාව සඳහා SWA සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී මුයට්වා සිටාලි සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙරට ජනතාවගේ සනීපාරක්ෂාව, සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම රෝහල් පද්ධතියේ සනීපාරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යාම වැනි කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව මෙම සංවිධානය සමඟ සමීපව කටයුතු කරන අතර, මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය තාක්ෂණික, මූල්‍ය ඇතුළු සහයෝගීතාවයන් උපරිමයෙන් ලබාදීමට නියෝජිත පිරිස කැමැත්ත පළ කළහ. ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක රජයන්, සිවිල් සමාජ සහ එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ ක්‍රියාත්මක වන මෙම ගෝලීය හවුල්කාරිත්වය, ඉන්දුනීසියාව, නේපාලය, බංගලාදේශය, ඉන්දියාව සහ ගානාව වැනි රටවල් රැසකට ද සිය සහයෝගය ලබාදෙයි.
එක්සත් ජාතීන්ගේ 6 වන තිරසාර සංවර්ධන අරමුණ (SDG 6) වන “සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව” ළඟා කර ගැනීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වේ. ශ්‍රී ලංකාව 2030 වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ තිරසාර ඉලක්කය කරා ගමන් කරමින් සිටින බැවින්, මෙම ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගීතාවයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය කෘතඥතාවය පළ කළේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, විශේෂඥ වෛද්‍ය සුමාල් නන්දසේන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහන් නිලධාරිනි නිලූෂා පටබැඳි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
Post Views: 0
Previous Post

ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ඉතිහාසගත ලෙස ඉහළට

Next Post

ජපානය සහ පිලිපීනය අතර ආරක්ෂක තොරතුරු හුවමාරු ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
ජපානය සහ පිලිපීනය අතර  ආරක්ෂක තොරතුරු  හුවමාරු ගිවිසුමක් පිළිබඳ  සාකච්ඡා ඇරඹේ

ජපානය සහ පිලිපීනය අතර ආරක්ෂක තොරතුරු හුවමාරු ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

28 May 2026
පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved