කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද (29) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතේ ද, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ද පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















