• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් රැකගැනීමට පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය

29 May 2026
in දේශීය, පුවත්
දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් රැකගැනීමට පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන අලි ඇතුන් සහ දිවියන් මුහුණ දෙන දැඩි අහිතකර බලපෑම් අවම කරමින් ඔවුන් ආරක්ෂා කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. මෙම විශේෂ රැස්වීම සංසදයේ සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විණි. ගෝලීය දේශගුණික විපර්යාසයන් දේශීය වනජීවී ගහනයට සහ පරිසර පද්ධතීන්ට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කෙරිණි.
මෙහිදී විශේෂයෙන්ම එල් – නිනෝ (El Niño) සහ ලා – නිනා (La Niña) දේශගුණික තත්ත්වයන් මඟින් මෙරට අලි ඇතුන් සහ දිවියන්ගේ සාමාන්‍ය ජීවන රටාවන්ට, සංක්‍රමණ රටාවන්ට සහ ආහාර මෙන්ම ජල අවශ්‍යතාවලට ඇති කරන බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් විසින් සභාවට කරුණු පැහැදිලි කරන ලදී. දේශගුණික විපර්යාස හේතුවෙන් වනජීවීන්ට සිදුවන සමස්ත බලපෑම් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බව පැවසූ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි පළමු පියවර ලෙස වඩාත් අවදානමට ලක්ව ඇති අලි ඇතුන් සහ දිවියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, මෙම පාරිසරික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී විද්‍යාත්මක හා පුළුල් අධ්‍යයනයක් සිදු කර, ඊට අදාළ වනජීවී හා පාරිසරික පාර්ශ්වයන් වෙත නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා දේශගුණික විශේෂඥයින් සහ ප්‍රමුඛ පෙළේ පරිසරවේදීන් රැසක් ද සහභාගී වී සිය වෘත්තීය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර, මෙරට පවතින උග්‍ර මිනිස් – අලි ගැටුම් අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ වැදගත් කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චම්පික හෙට්ටිආරච්චි, රියාස් ෆාරුක් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ ගිවිසුමට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

Next Post

නොරොච්චෝලට බාල ගල්අඟුරු බෑවේ දූෂණ විරෝධී පනත උල්ලංඝනය කරමින්ලු ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් දැවැන්ත හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගිවිසුම ගැන  අවසන් තීරණය ගන්න  ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

ඉරාන ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

29 May 2026
T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved