Cyclone Ditwah සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහාය වීම සඳහා පිහිටුවන ලද රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට MAC Holdings (Pvt) Ltd. සමාගම විසින් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගයට අදාළ චෙක්පත MAC Holdings සමාගමේ කළමනාකාර අධ්යක්ෂ Andre Feando මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. සමාගමේ වාර්ෂික නත්තල් උත්සව සඳහා වෙන් කර තිබූ අරමුදල් මෙලෙස ජාතික ආධාර වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. චෙක්පත භාරදීමේ අවස්ථාවට සමූහ අධ්යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී තිලක් ගුණවර්ධන මහතා සහ කළමනාකරණ පුහුණුකරු Anick Feando මහතා ද සහභාගී වූහ.
















