හුංගම කලමැටිය මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ ළමයින් තිදෙනාගේම මළ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
අතුරුදන් වූ 12, 17 සහ 18 යන වයස්වල පසුවන පිරිමි ළමයින් තිදෙනා ඊයේ (30) දියේ ගිලී අතුරුදන් වී තිබුණි.අද පෙරවරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මුලින් ළමයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි විය.පසුව, එම ළමයින් තිදෙනාගේම මළ සිරුරු කලමැටිය අවට මුහුදු තීරයේ තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
















