ඩීසල් මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණද, ඉදිරියේදී බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) අවධාරණය කරයි.වත්මන් ඩීසල් මිල සංශෝධනය හමුවේ වුවද, පවතින බස් ගාස්තු සූත්‍රයට අනුව වහාම බස් ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගී ජනතාවට අමතර බරක් පැටවීමට ඉඩ නොදෙන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.















