බුත්තල මොණරාගල ප්‍රධාන මාර්ගයේ, යුද හමුදා කඳවුර ආසන්නයේදී යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.ඉන් බරපතල තත්ත්වයේ පසු වූ අයෙකු මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබේ.
බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අනතුර පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
















