ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 46 දෙනෙකු සඳහා කාණ්ඩ 6ක් යටතේ වාර්ෂික කොන්ත්‍රාත් ලබා දී තිබේ.
ඉහළම කාණ්ඩයට අයත් ක්‍රීඩකයෙකු සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 130,000ක මුදලක්, එනම් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් හිමිවේ. අවම කාණ්ඩයේ පසුවන ක්‍රීඩකයෙකුට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 10,000ක්, එනම් රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් හිමිවනු ඇත. මීට පෙර ජාතික කොන්ත්‍රාත්වලින් තමන් නිදහස් කරන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි නුවන් තුෂාර ද කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයින් අතර සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
