• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික රෝහලේ ප්‍රතිසංස්කරණය කළ ස්නායු රෝග විද්‍යා ආයතනය ජනතා අයිතියට

31 May 2026
in දේශීය, පුවත්
ජාතික රෝහලේ ප්‍රතිසංස්කරණය කළ ස්නායු රෝග විද්‍යා ආයතනය ජනතා අයිතියට
ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක වියදමින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) හෙට (01) පෙරවරු 10.00ට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙම ව්‍යාපෘතිය මගින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සඳහා වන ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට සමගාමීව ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය විද්‍යා ජෝති වෛද්‍ය ඡේ.බී පීරිස් මහතාගේ ඡායාරූපය නිරාවරණය කිරීමද සිදු කෙරේ. නවීකරණය කරන ලද අංක 62/63 වාට්ටු සංකීර්ණය කාන්තා හා පිරිමි වාට්ටු දෙකකින් සමන්විත වන අතර, එක් වාට්ටුවක ඇඳන් 22 බැගින් ස්ථාපිත කර ඇත. වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 52ක්, භෞත චිකිත්සක ඒකකය සඳහා රුපියල් මිලියන 22ක් සහ භාෂා, වෘත්තීය චිකිත්සක ඒකක හා ශ්‍රවණාගාරය සඳහා රුපියල් මිලියන 25ක් වශයෙන් මුදල් වෙන් කර ඇත. මෙම නව වාට්ටු විවෘත කිරීමත් සමඟ, දැනට අංක 16 වාට්ටුවේ පවත්වාගෙන යනු ලබන ස්නායු ඒකක 3 සහ 4, වඩාත් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල වෙත ස්ථානගත කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

අරගලයකින් ඉඩම් අයිතිය දිනාගත්තා නියෝජ්‍ය ඇමති නලින් හේවගේ

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත් ලබාදෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට  වාර්ෂික කොන්ත්‍රාත් ලබාදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත් ලබාදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved