බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 2025 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාවට අනුව, පසුගිය වසර පහක කාලය තුළ (2021 – 2025) මෙරට දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇත.
මෙම දත්තයන්ට අනුව, 2021 වර්ෂයේ දී සිසුන් 2,287,585ක් දහම් අධ්‍යාපනය ලබා ඇති අතර, 2025 වර්ෂය වන විට එම සංඛ්‍යාව 1,647,166 දක්වා පහත වැටී ඇත. ඒ අනුව, සමස්ත සිසුන් සංඛ්‍යාව 640,419කින් අඩුවී ඇති බව වාර්තා වේ. වසරින් වසර දහම් අධ්‍යාපනය ලැබූ සිසුන්ගේ සංඛ්‍යාව සලකා බලන විට, 2022 වර්ෂයේදී සිසුන් 2,191,101ක් දහම් අධ්‍යාපනය ලබා ඇත. 2023 වර්ෂයේදී එම සංඛ්‍යාව 2,048,460ක් වූ අතර 2024 වර්ෂයේදී දහම් පාසල්වල සිසුන් 1,816,526ක් අධ්‍යාපනය ලබා තිබේ. 2025 වර්ෂයේ දත්ත අනුව, දිස්ත්‍රික්ක 23ක දහම් පාසල් 10,810ක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් ක්‍රියාත්මක දහම් පාසල් සංඛ්‍යාව 10,204කි.
















