බඩල්ගම පොලිස් වසමට අයත් ආඩිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි තරුණයෙකු ඊයේ (මැයි 30) ඝාතනය කර ඇතැයි බඩල්ගම පොලිසිය පවසයි.
මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ආඩිමුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී තවත් පුද්ගලයෙකු සමඟ ඇති කරගත් ආරවුලක් මෙම මනුෂ්‍ය ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනය සිදු කළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර, සිද්ධියෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබේ.
















