• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි වසර පහ තුළ හෙද සේවාවට අලුතින් 13,600ක්

1 June 2026
in දේශීය, පුවත්
ඉදිරි වසර පහ තුළ  හෙද සේවාවට අලුතින්  13,600ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් 2025 – 2029 දක්වා වූ වත්මන් රජයේ මුල් වසර පහ තුළ හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද ලබා දෙන පත්වීම් සමඟ එම ඉලක්කයෙන් 30%ක් සම්පූර්ණ වී ඇති බවත්, ලබන ඔක්තෝබර් මාසයේ ලබා දීමට නියමිත හෙද පත්වීම් 2,867ක් සමඟ එම ඉලක්කයෙන් 50%ක් සම්පූර්ණ වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැති උත්සවයකදීය. එහිදී විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනකු වෙත හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කෙරිණි. III ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස බඳවා ගන්නා ලද මෙම පිරිස රජයේ විශ්වවිද්‍යාල මඟින් විද්‍යාවේදී ගෞරව හෙද උපාධිය සම්පූර්ණ කර ඇති අතර, දිවයින පුරා රජයේ රෝහල් 31කදී සය මාසික අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා ඇත.
මධ්‍යම රජය යටතේ පාලනය වන ජාතික රෝහල්, ශික්ෂණ රෝහල් සහ දිස්ත්‍රික් මහ රෝහල්වල පවතින පුරප්පාඩු සහ සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. පසුගිය වසරේ හෙද විදුහල්වලින් පුහුණුව අවසන් කළ 3,441 දෙනකුට පත්වීම් ලබා දුන් අතර, අද දින පත්වීම් ලැබූ 515 දෙනාද සමඟ ගෙවුණු වසරක කාලය තුළ සේවාවට ඇතුළත් කර ගත් මුළු සංඛ්‍යාව 3,956ක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එළඹෙන ඔක්තෝබර් මාසයේදී තවත් 2,867 දෙනකු බඳවා ගන්නා අතර, ඒ අනුව 2025 සහ 2026 යන වර්ෂවලදී අලුතින් හෙද සේවාවට 6,823ක් එක් වනු ඇත. මීට අමතරව 2028 වර්ෂයේදී 1,949ක කණ්ඩායමක් සහ 2029 වර්ෂයේ මැද භාගයේදී 2,920ක කණ්ඩායමක් පත්වීම් ලබා ගැනීමට නියමිතය. හෙද විදුහල් සහ විශ්වවිද්‍යාල හරහා ක්‍රමානුකූලව මෙම බඳවා ගැනීම් සිදුකර අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ, හෙද සේවාව මෙරට අද්විතීය සහ දැඩි විනයක් සහිත සේවාවක් බවයි. විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදී වන අතර, වසර පහකට පසු මෙලෙස බඳවා ගැනීම් සිදු කිරීම සුවිශේෂී කරුණක් බවද වාර්තා වේ.
Post Views: 7
Previous Post

තල්පේ මුහුදේ දිය නාමින් සිටි තරුණයින් සිව්දෙනෙකු රළ පහරට හසුවෙයි 17 හැවිරිදි තරුණයෙක් අතුරුදන්

Next Post

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට දැඩි බලපෑමක් එල්ල කළ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ස්වේච්ඡාවෙන් කැපවූ තරුණ ස්වේච්ඡා නායකයින් 35 දෙනෙකු ඇගයීම වෙනුවෙන් සහතිකපත් ප්‍රදානෝත්සවයක් පසුගියදා ගාල්ල SED ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය (CEYSD) විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. දකුණු පළාත් සභාවේ ලේකම් මහේෂ් කරුණාරත්න මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් පෙන්වා දුන්නේ ව්‍යසන ඉක්මනින් අමතක කිරීම අපේ රටේ මිනිසුන්ගේ ඇති ලොකුම දුර්වලතාවක් බවයි. එම අමතක කිරීම නිසාම මීළඟ ව්‍යසනයට මුහුණ දීමට නිසි ලෙස සූදානම් වීමට අප අපොහොසත් වන බවත්, සුනාමි ව්‍යසනයෙන් උගත් පාඩම් අමතක කිරීම මීළඟ ආපදාවට පාර කැපීමක් බවත් හෙතෙම අවධාරණය කළේය. සුනාමි ව්‍යසනයෙන් පසු ලැබුණු ආධාර යටතේ ඉදිකළ නිවාස ව්‍යාපෘති බොහොමයක් අද වන විට නීතිමය හා පරිපාලන ගැටලු රාශියකට මුහුණ දී ඇති බවත්, ඇතැම් නිවාස මුල් ප්‍රතිලාභියා අතින් ගිලිහී 12 වැනි හෝ 13 වැනි අයිතිකරුවන් අතට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සිහිපත් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ස්වාභාවික තත්ත්වයන් පමණක් නිසා සිදු වූවක් නොවන බවත්, පරිසරයට සිදු කරන ලද හානි සහ අවිධිමත් මානව ක්‍රියාකාරකම් ඊට විශාල වශයෙන් බලපෑ බවත් හෙතෙම කියා සිටියේය. එබැවින් පරිසර විනාශයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවත්, ආපදා වළක්වා ගැනීමට රජය, ආයතන සහ ජනතාව සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් කරුණාරත්න මහතා සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ, වාරියගොල්ල සහ දෙල්තොට ප්‍රදේශවල නිවාස හා පාසල් පිරිසුදු කිරීම, ජලනළ පද්ධති අලුත්වැඩියා කිරීම ඇතුළු පුනරුත්ථාපන කටයුතු රැසකට මෙම තරුණ ස්වේච්ඡා නායකයින් දායක වී තිබේ. ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහයෝගය දැක්වූ මෙම පිරිස වෙත සිය කෘතඥතාව පළ කරන බවද ලේකම්වරයා පැවසීය. මෙම අවස්ථාව සඳහා ඉඩම් සමථකරණ මණ්ඩලයේ සභාපති අනුර ගමගේ මහතා සහ නීතිඥ තුෂාණි කන්දිල්පාන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූ අතර, තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මොහොමඩ් නස්රීන් මහතා සහ කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved