ගාල්ල, තල්පේ ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි තරුණයින් සිව්දෙනෙකු අද (31) පස්වරුවේ තල්පේ මුහුදේ දිය නාමින් සිටියදී දරුණු රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. ඉන් එක් තරුණයෙකු මේ වන විට අතුරුදන්ව ඇති අතර, අනෙක් තරුණයින් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් වහා ක්‍රියාත්මක වී බේරාගෙන ඇත.
බේරාගත් තරුණයින් තිදෙනා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල (ජාතික රෝහල) වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ කුරුණැගල, මල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙකි. අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
















