ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ සිසුන් 400 දෙනෙකු සඳහා ‘Model B’ වර්ගයේ නව නේවාසිකාගාර ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට අනුමැතිය හිමිව තිබේ.
සැලසුම් කර ඉදිකිරීමේ (Design and Build) ක්‍රමවේදයට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, එක් නේවාසිකාගාරයක් සඳහා සුදුසුම භූමිය තෝරා ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස, දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. මෙම සමස්ත ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
















