කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
දැනට පවතින ඉබෝලා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් මියගොස් ඇතත්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමෙන් මෙම රෝගය සුව කරගත හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. රෝහලෙන් පිටව ගිය පස් දෙනාගෙන් සිව් දෙනෙකුම ඉබෝලා වැළඳුණු හෙදියන් සහ පිරිමි හෙද නිලධාරීන් වන අතර අනෙක් පුද්ගලයා රසායනාගාර සේවකයෙකි. රෝගීන්ට සේවය කිරීමට ගොස් ඔවුන්ට මෙම වෛරසය ආසාදනය වී තිබුණි. මෙවර කොංගෝවේ පැතිර යන්නේ ‘Bundibugyo’ නමැති ඉබෝලා ප්‍රභේදය වන අතර, ඒ සඳහා තවමත් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති බැවින් විද්‍යාඥයන් එන්නත් නිපදවීමට කටයුතු කරමින් සිටියි.
















