නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සමඟ දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව, දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 24, 27 සහ 37 යන වයස්වල පසුවන අකරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය අනාවරණය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















