ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත ප්‍රහාර එල්ල නොකිරීමට එකඟතාව පළ කර ඇති බව ලෙබනනය පවසයි. එක්සත් ජනපදයේ ලෙබනන් තානාපති කාර්යාලය තහවුරු කර ඇත්තේ ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් නවතා දැමීම සඳහා ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාව හිස්බුල්ලා සංවිධානය විසින් පිළිගත් බවයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම එකඟතාව තහවුරු කළ ද, හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල නගර සහ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන්නේ නම් බේරූට් වෙත ප්‍රහාර එල්ල කිරීම ඉදිරියටත් සිදු කෙරෙන බවට අනතුරු ඇඟවීමක් කර ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායල අගමැතිවරයාට සහ හිස්බුල්ලා නියෝජිතයන්ට දුරකථනයෙන් සම්බන්ධ වී සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව, දෙපාර්ශවයම සියලු වෙඩි තැබීම් නතර කිරීමට එකඟ වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙම එකඟතාවට පෙර ලෙබනනය තුළ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග වත්මන් එක්සත් ජනපද-ඉරාන සටන් විරාමයට තර්ජනයක් විය හැකි බවට ඉරානය අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබුණි.
















