ඩුබායි සහ මෝල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු “ඩුබායි සුද්දා” නමින් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන, සංචාරක වීසා මගින් පුද්ගලයින් විදේශ ගත කිරීමේ ජාවාරමේ ප්‍රධානියෙකු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 07ක මුදලක් වංචා කළ බවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකර ඇත.
මීට පෙරද විවිධ චෝදනා සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින අයෙකු වන මෙම සැකකරු, අත්අඩංගුවට ගැනීමට යාමේදී තම පුද්ගලික රථයෙන් පලා යාමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, සැකකරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















