පාසල් සිසුන් අතර විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, දිවයින පුරා පවතින පාසල්වල නව නිපැයුම් සංගම් සහ විද්‍යා සංගම් පිහිටුවීමට පියවර ගෙන ඇති බව විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු කිහිපයක් පහත දැක්වේ.
පළමු අදියර යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සියයක (100) නව නිපැයුම් සංගම් සහ විද්‍යා සංගම් අලුතින් පිහිටුවීමට මේ වන විටත් පියවර ගනිමින් පවතී.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත, ඉදිරි කාලසීමාව තුළ දිවයිනේ සියලුම පාසල්වල මෙවැනි සංගම් පිහිටුවීමට කටයුතු කරනු ලැබේ.
මෙමගින් පාසල් සිසුන්ගේ නව නිර්මාණාත්මක හැකියාවන් දියුණු කිරීමටත්, විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රය කෙරෙහි ඔවුන්ගේ උනන්දුව වර්ධනය කිරීමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
















