ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) ලෙස Vibhawa Consultants ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. ඇය මෙම ජාත්‍යන්තර සහතිකය ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ ප්‍රමුඛතම තාපවිද්‍යා පුහුණු ආයතනයක් වන IRISS ආයතනය මගිනි.
මල්කි මඩපාත මහත්මියගේ මෙම ජයග්‍රහණය පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
Vibhawa Consultants ආයතනය අන්තර්ජාතික ISO : 9001 : 2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද ආයතනයක් වන අතර, Level 3 සහ Level 2 සහතිකලත් අධෝරක්ත තාප ශිල්පීන් ආයතනය තුළම සේවය කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය ද වේ.
මල්කි මඩපාත මහත්මිය මීට වසර දෙකකට පෙර ආධුනික පුහුණු සහායක ඉංජිනේරුවරියක් ලෙස මෙම සමාගමට එක්වූ අතර, ඇයගේ කැපවීම සහ දේශීය හා විදේශීය ව්‍යාපෘතිවලදී ලබාගත් ප්‍රායෝගික පළපුරුද්ද මෙම ජයග්‍රහණය සඳහා ප්‍රධාන සාධකය විය. ඇය දැනට විභව ආයතනයේ විදුලි පරීක්ෂා සහ ගුණාත්මකභාවය සහතික කිරීම පිළිබඳ සහකාර කළමනාකාරිනිය ලෙස සේවය කරයි.
විභව Consultants ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වරලත් විදුලි ඉංජිනේරු නදීර විජේසිංහ මහතා පවසන්නේ, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය දිරිමත් කිරීමට වැදගත් පියවරක් වන බවයි.
නව පරම්පරාවේ ඉංජිනේරුවරුන් සඳහා මාර්ගගත අධ්‍යාපනික පද්ධතියක් (LMS platform) හරහා දැනුම සහ සහතිකපත්‍ර ලබාදීමට ද විභව ආයතනය මේ වන විට කටයුතු යොදා ඇත.
තාක්ෂණික ක්ෂේත්‍රයේ වැඩිදුර තොරතුරු සහ ඔවුන්ගේ සේවාවන් පිළිබඳව දැනගැනීමට www.thermography.lk හෝ www.vibhawa.lk යන වෙබ් අඩවි වෙත පිවිසිය හැකිය.
















