රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් ව්‍යාපෘති සමාරම්භය අද (02) උත්සවාකාරයෙන් ආරම්භ විය.
මෙම වැඩසටහන මගින් කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන, ඒවා කඩිනමින් විසඳීම සහ මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම අපේක්ෂා කෙරේ. දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති හරහා රැකියා උත්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ කර්මාන්ත නගාසිටුවීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වනු ඇත.
අදාළ ව්‍යාපෘතිවල මූලික අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ජනතා හිතකාමී ප්රතිලාභ රැසක් මෙම වැඩසටහන හරහා ලබා දීමට සැලසුම් කර තිබේ.
















