සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී ලෙස ඩුබායි සහ මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ‘ඩුබායි සුද්දා’ නමැත්තා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු විසින් ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් වංචා කර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම හේතුවෙන් එම පුද්ගලයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත.
















