ඉන්ධන මිල ගණන් ඉහළ ගියද, පවතින බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම සඳහා ඉන්ධන මිලෙහි සිදුවන වෙනස සියයට 4ක සීමාව ඉක්මවා යා යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
මෙවර ඉන්ධන මිල ඉහළ යාම එම නියමිත සියයට 4ක සීමාව ඉක්මවා නොමැති බැවින් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
















