පවත්නා ඉන්ධන සහනාධාර ක්‍රමය එළඹෙන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිත බැවින්, ඉදිරි කාලයේදී මෙරට ඉන්ධන මිල නැවත වරක් ඉහළ යනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව මෙම තත්ත්වය උදාවන බවත්, එම සහනාධාරය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල් බිලියන 57ක මුදලක් වෙන්කර තිබූ බවත් ඒ මහතා පෙන්වා දෙයි.
තමා අමාත්‍යවරයාව සිටි සමයේ ඩීසල් මිල තීරණය කිරීම සඳහා ‘සිංගප්පූරු ප්ලැට්ස්’ දර්ශකය පදනම් කරගත් බව රණවක මහතා සිහිපත් කරයි. වත්මන් වෙළෙඳපොළ තත්ත්වය අනුව අදාළ දර්ශකය පහළ යමින් පැවතියද, ඩීසල් මිල රුපියල් 281ක් විය යුතු වුවත් වත්මන් පාලනය යටතේ එය රුපියල් 403ක් දක්වා ඉහළ මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. වත්මන් ඉන්ධන මිල ඉහළ යාමට හේතුව ලෝක වෙළෙඳපොළේ අර්බුදයක් නොව, ඉන්ධන සම්බන්ධයෙන් පවතින ජාවාරමක් බව ඔහුගේ අදහසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ බ්‍රෙන්ට් කෲඩ් ඔයිල් බැරලයක මිල ඩොලර් 139ක් දක්වා ඉහළ ගිය අවස්ථාවේ පවා දේශීය මිල වැඩි නොකළ බවත්, අද බැරලයක මිල ඩොලර් 93ක් වැනි අඩු මට්ටමක තිබියදී මිල ඉහළ දමන බවත් ඔහු පවසයි. රජය සහ ජනාධිපතිවරයාගේ පාලන සූදානම දැඩි ලෙස විවේචනය කරන ඒ මහතා, පාලකයින්ට රාජ්‍ය පරිපාලනය සඳහා අවශ්‍ය බුද්ධිමය පරිණතභාවයක් නොමැති බව සඳහන් කරයි. විදේශයන්හි ජනප්‍රියත්වයක් මවාපාමින් පිම්බූ ‘මාලිමාවේ’ ප්‍රතිරූපය මේ වන විට බිඳ වැටෙමින් පවතින බවත්, එය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද හුළං බහිමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
















