සෑම වසරකම වෙසක් උත්සව සමයේදී මුළු මහත් ලංකාවේම අවධානය දිනාගන්නා ගම්පහ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මනරම් විදුලි ආලෝකිත නිවස, 2026 මෙවර වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන් ද අති උත්කර්ෂවත් අන්දමින් විදුලි ආලෝකයෙන් සරසා තිබේ. ලක්ෂ සංඛ්‍යාත වර්ණවත් විදුලි බුබුළුවලින් සහ නිර්මාණශීලී ආලෝක රටාවලින් සමන්විත මෙම නිවසේ අසිරිය දැකබලා ගැනීම සඳහා මේ වන විටත් නිවස ඉදිරිපිටට මහා ජන ගඟක් ගලා එමින් පවතී.
වෙසක් සිරි අසිරිය විඳගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගෙන් ගම්පහ මෙම නිවස අවට පරිශ්‍රය දැඩි ලෙස අතුරු සිදුරු නැතිව පිරී පවතින අතර, රාත්‍රී කාලයේදී දිස්වන මෙම අසිරිමත් ආලෝක පූජාව නැරඹීමට පැමිණෙන පිරිස් හේතුවෙන් ප්‍රදේශයට මහත් උත්සව ශ්‍රීයක් ද එක්ව තිබේ. වසරක් පාසා නොකඩවා සිදුකෙරෙන මෙම දැවැන්ත වෙසක් ආලෝක සැරසිල්ල මෙවරත් වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාවගේ නෙත් සිත් ඇදගන්නා ප්‍රධානතම ආකර්ෂණයක් බවට පත්ව ඇත.
















