ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ‘ගම් දහසක වැඩ දහසක්’ ජාතික වැඩසටහනෙහි මාතර ආසනයේ සමාරම්භක උත්සවය අද (02) මාතර, තල්පාවිල උතුර ග්‍රාම නිලධාරී වසමේදී පැවැත්විණි. ඒ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මෙම ව්‍යාපෘතිය යටතේ වසමේ අඩු ආදායම්ලාභී පවුල් කේන්ද්‍ර කරගනිමින් හරිතාගාර ගෘහයක් තුළ එළවළු වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙන අතර, ඊට අදාළ හරිතාගාර ගෘහය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ද අද දින සිදු විය. වසර 05 ක දීර්ඝ කාලීන සැලසුමකට අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන සහ උපකරණ රජය මඟින් නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් වෙංගප්පුලි, මාතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සුමිත් ද අල්විස්, ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති වෛද්‍ය ඔනිල් නිරෝෂන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















