අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක ‘අයතුල්ලා අලි කමේනි’ වෙනුවෙන් දින තුනක මහජන අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට ඉරාන බලධාරීන් සැලසුම් කරමින් සිටින බව එරට ‘IRIB’ රාජ්‍ය මාධ්‍ය ආයතනය වාර්තා කර තිබේ.
ටෙහෙරාන් නුවර නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අමීන් තවකොලිසාඩේ (Mohammad Amin Tavakolizadeh) උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නිල අවමංගල්‍ය රාජ්‍ය උත්සවය ඉරාන අගනුවර වන ටෙහෙරාන්, කොම් (Qom) සහ මෂාඩ් (Mashhad) යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බවයි.
මීට අමතරව ටෙහෙරාන් අගනුවරදී පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ උපහාර සහ ගෞරව දැක්වීමේ වැඩසටහන් ද සංවිධානය කර ඇත. මෙම අවමංගල්‍ය උත්සව මාලාව සහ අවසන් කටයුතු වෙනුවෙන් මිලියන 20කට ආසන්න අතිවිශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂාවෙන් ඉරාන ආරක්ෂක අංශ සහ නාගරික බලධාරීන් ඉහළම මට්ටමින් සූදානම් වෙමින් සිටින බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
















