විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහනේ තෙවන මධ්‍යස්ථානය හෙට (04) පෙරවරු 8.30ට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේදී විවෘත කිරීමට නියමිතය. මෙම උත්සවය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මීට සමගාමීව, නැගෙනහිර පළාතේ තෝරාගත් පාසල් 100ක් සඳහා පාසල් විද්‍යා සංගම් සහ නව නිපැයුම් සමාජ පිහිටුවීමේ සමාරම්භක උත්සවයද ස්වාමි විපුලානන්ද ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
















