1990 හදිසි ගිලන්රථ සේවාව (සුව සැරිය) අක්‍රීය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සේවාවේ කළමනාකාරීත්වය නිවේදනය කරයි. මෙම පුවත් මහජනතාව නොමඟ යවන සුළු බව අවධාරණය කරන කළමනාකාරීත්වය, දිවයින පුරා සුව සැරිය ගිලන්රථ සේවාව අඛණ්ඩව සහ සුපුරුදු පරිදි මෙහෙයුම් සිදු කරන බව සහතික කරයි.
සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පවතින කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කරමින් ජනතාවට බාධාවකින් තොරව අනාගතයේදීත් මෙම සේවාව ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි. එබැවින් මෙවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් නොමඟ නොයන ලෙස කළමනාකාරීත්වය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















