දංකොටුව පොලිස් වසමේ මැද ගෝනවිල ප්රදේශයේදී සිදුකළ වැටලීම් තුනකදී නීති විරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (03) උදෑසන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකරනු ලැබීය.
පොලිස් භාරයට ගත් භාණ්ඩ අතර නීති විරෝධී මත්පැන් ලීටර් 67ක් සහ මත්පැන් පෙරීම සඳහා භාවිත කරන ගෝඩා ලීටර් 1012ක් අඩංගු වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32, 37 සහ 46 යන වයස්වල පසුවන දංකොටුව සහ ලුණුවිල ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
















