ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 2,274.90ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඒ යටතේ ව්‍යාපෘති 738ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම සංවර්ධන වැඩසටහන් ප්‍රධාන අංශ පහක් යටතේ ක්‍රියාත්මක වේ:
විමධ්‍යගත අයවැය වැඩසටහන: ව්‍යාපෘති 140ක් සඳහා රුපියල් මිලියන 149.92ක්.
ප්‍රජා ශක්ති වැඩසටහන: ව්‍යාපෘති 387ක් සඳහා රුපියල් මිලියන 459.28ක්.
ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන: ව්‍යාපෘති 82ක් සඳහා රුපියල් මිලියන 244.37ක්.
පළාත් සභා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන: ව්‍යාපෘති 126ක් සඳහා රුපියල් මිලියන 238.91ක්.
ග්‍රාමීය පාලම් සංවර්ධනය: ව්‍යාපෘති 3ක් සඳහා රුපියල් මිලියන 65.50ක්.
ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට දායක වන ව්‍යාපෘති රැසක් හඳුනාගෙන තිබේ. මෙයට අමතරව, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට ද පියවර ගෙන ඇත.
තවද, 2027 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 49.11ක මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1231.34ක ප්‍රතිපාදන ලබා ගැනීමට අදාළ අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙම ව්‍යාපෘති හරහා ග්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම අපේක්ෂිතය.
















