ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා බස් සංගම් නියෝජිතයින්ට දන්වා සිටියේ අමාත්‍යවරයා සමඟ කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන බවයි. කෙසේ වෙතත්, බස් සංගම් නියෝජිත ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලබන සතියේදී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවයි.
















