රජයේ පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. මෙම බඳවා ගැනීම් මේ වසර අවසානයේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙම නව බඳවා ගැනීම් හරහා 2027 වසර වන විට මෙරට පාසල් පද්ධතියේ පවතින ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අවම කර ගත හැකි වනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
















