ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඇල මාර්ග 31ක් සහ ඒ ආශ්‍රිත ජල පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. රුපියල් මිලියන 218ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කොලොන්නාව, කැලණිය, මට්ටක්කුලිය, මීතොටමුල්ල සහ කොටිකාවත්ත-මුල්ලේරියාව යන ප්‍රදේශවල ඇල මාර්ග ප්‍රතිසංස්කරණය සිදු කෙරේ. අදාළ සියලු කටයුතු 2026 ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
















