තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකයි මාස දෙකක් වූ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත. උඩුවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය අනතුර සිදුවන අවස්ථාවේදී ගමන් කරමින් සිට ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි, තැන්නකුඹුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාතුඔය පොලිසිය විසින් සිදු කරයි.
















